Friday, November 13, 2020

4 ශ්‍රේණිය - සිංහල

 


5 ශ්‍රේණිය - ගණිතය

 



5 ශ්‍රේණිය - දෙමළ

 3 වන වාරය 


නිපුනතාවය 6

එදිනෙදා විවිධ ස්ථානවලදී  හා විවිධ අවස්ථාවලදී අන්‍යයන් සමග සුහද කතා බහේ යෙදෙයි. 

සංවාදය 1

*අදහස් ප්‍රකාශ කිරීම හා තමන්ට අවශ්‍ය දේ ඉල්ලීම. 

A- අක්කා අක්කා                                       අක්කා අක්කා 
B-එන්න තංගෛ?                                      මොකද නංගි 
C-එනක්කු පසික්කිරදු                                 මට බඩගිනියි 
D-වාරුංගල් සෝරු සාප්පිඩුන්ගල්               එන්න බත් කන්න 

සංවාදය 2

    *ආපන ශාලාවේදී 

A-උන්ගලුක්කු එන්න වේන්ඩුම්? 
                 ඔයාට මොනවද ඕන? 

B-එනක්කු පිට්ටු තාරුංගල් 
             මට පිට්ටු දෙන්න. 

A-පිට්ටු ඉල්ලෛ. 
             පිට්ටු නෑ. 

B-ඓන්දු ඉඩියප්පම් තාරුංගල් 
            ඉඳිආප්ප පහක් දෙන්න 


සංවාදය 3

     *පොලේදී 

A-උන්ගළුක්කු මාම්පලම් වේන්ඩුමා? 
            ඔයාට අඹ ඕනැද? 

B-මාම්පලම් වේන්ඩාම්. 
             අඹ එපා. 

A-එන්න වේන්ඩුම්.? 
             මොනවද ඕන? 

B-එනක්කු වාලෛපළම් තාරුංගල් 
           මට කෙසෙල් දෙන්න. 

5 ශ්‍රේණිය -බුද්ධ ධර්මය

   3 වන වාරය 

අග්‍ර ශ්‍රාවිකා දෙනම 

ඛේමා තෙරණිය (9 පාඩම) 

             ඛේමා තෙරණිය පෙර භවයකදී  එනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක් දාස කුලයක උපත ලබා ඇත. ඇය ඉතා දුප්පත්ය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස දැක ඇය ඉතා සතුටට පත්විය. නමුත් උන්වහන්සේලාට දානය පිරිනැමීමට ඇයට අවශ්‍ය වුවත් ඊට මුදල් නොමැත. ඇය කලේ තමාගේ දිගු කෙස් වැටිය කපා විකුණා ඒම මුදලින් රසකැවිලි තුනක් පූජා කර "මේ පිනෙන් මම මතු බුදු සසුනක ප්‍රඥා ඇති භික්ෂුණින් අතර අග්‍ර වේවා "යි  ප්‍රර්ථනා කළ බව සදහන්ය. ඇය බොහෝ පින් දහම් කර දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වල උපත ලැබිය. ගෞතම බුදුන් දවස ඛේමා නමින් උපත ලැබීය.        

පෙළ පොත කවි පන්තිය ඇසුරින් පිළිතුරු සපයන්න.

1) ඛේමා උපත ලැබුවේ (මගධ රටේ සාගල නුවර /සැවත් නුවර )

2) ඇය අගමෙහෙසිය වුයේ (බිම්බිසාර රජුගේ /කොසොල් රජුගේ )

3)බිම්බිසාර රජු බුදුන් වහන්සේගේ ඇසුරට (ප්‍රියයි /අප්‍රියයි )

4) එකල බුදුන් වහන්සේ වැඩ සිටියේ (ජේතවනාරාමයේ /වේළුවනාරාමයේ )

5) ඛේමා බිසව ජේතවනාරාමයට යාමට කැමති වුයේ (ජේතවනාරාමය පිලිබඳ ගීයක් ඇසීමෙන් /කතාන්දරයක් ඇසීමෙන් )

6) බුදුරජාණන් වහන්සේ ආරාමයේ වැඩ සිටිනු ඛේමා දේවිය දුටුවේ (උයනේ අසිරිය විදින විටදීය /මාලිගයේ සිටින විටදීය )

7) බුදුන් වහන්සේ තමා දෙස බලා සිටින ඛේමා බිසවට පෙනෙන සේ මැව්වේ (දිව්‍යාංගනාවක් වැනි තැනැත්තියකි /වයස්ගත කාන්තාවකි )

8) ඛේමා බිසව තුල ප්‍රඥාව  පහල වුයේ (එම රූමත් තැනැත්තිය වියපත් වී බිම වැටුණු විටදීය /එම රූමත් තැනැත්තිය බුදුන් වහන්සේට පවන් සලමින් සිටින විටදීය )

9) ඛේමා බිසව බුදු සසුනේ පැවිදි වීමට අවසර ගත්තේ (අජාසත් රජුගෙන් /බිම්බිසාර රජුගෙන් )

10) ඛේමා තෙරණිය ලද අග තනතුර වුයේ (නැණවත් භික්ෂුණින් අතර අග තනතුර /රහත් මෙහෙණින් අතර අග තනතුර /අග්‍ර ශ්‍රාවිකා තනතුර )  
                                                                                                                                                                                        


4 ශ්‍රේණිය - සිංහල