Friday, June 12, 2020

5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය

5, ශ්‍රේණිය -බුද්ධ ධර්මය 

ක්‍රියාකාරකම 6 - පිළිතුරු 

කවියේ ඉතිරි පද :

දැනුමෙන් සවියෙන් මුවහත් කරනා 
ඇල්මෙන් කැල්මෙන් ඔවදන් බෙදනා 
ගුරු මව් පියවරු නමදිමි බැතිනා 

1)ආලාර කාලාම, උද්දකරාම පුත්ත, භාග්‍ගව

2)කොණ්ඩඤා,, වප්ප, භද්දිය, මහානාම, අස්සජී. 

3)දම්සක් පැවතුම් සූත්‍රය. 

ක්‍රියාකාරකම 7:

පෙළ පොත 5 පාඩම 

(සිනාසී කතා කරමු )ඇසුරු කරගෙන පිළිතුරු සපයන්න. 

පහත වැකි හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් යොදන්න. 

1.පුබ්බ හාසී යනු පළමුව සිනාසීමයි. (    )

2.අප පන්තියෙන් පිටතට යන විට (පුස්තකාලය වැනි )ආචාරශිලී ව සන්සුන් ව ගමන් කළ යුතුය. (     )

3.මග තොටේ දී ගමන් කරන විටදී පාරේ වම් පසින් ගමන් කළ යුතුය. (     )

4.තමා දන්නා හඳුනන කෙනෙකු හමු වූ විට ප්‍රසන්න ව සිනා සී තම ලෙන්ගතු බව ප්‍රකාශ කළ යුතුයි. (    )

5.බස් රථයක ගමන් කරන විට ආචාරශිලීව  කටයුතු කළ යුතුයි. (   )

පිළිතුරු ලියන්න 

1.පුබ්බ හාසී යනු කුමක්ද? 

2.බස් රථයක ගමන් කරන විට නොකළ යුතු අයුතු ක්‍රියා 2 ක්‌ ලියන්න. 

3.බස් රථයකදී අප විසින් අසුන පිරිනැමිය යුතු පුද්ගලයින් 3 ක්‌ ලියන්න. 

පහත කවිය පාඩම් කරන්න. 
 
පාරේ යන එන විට -අයින් වීමෙන් දකුණට 

දුව පැන දඟ නොකොට -ගමන් කළ යුතුය  කී හැමවිට
                              (සිරිත් මල්දම)
        
         

3 ශ්‍රේණිය - ඉංග්‍රීසි