Monday, November 30, 2020

5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය


 10 පාඩම - සිංහලයන්  අවදි   කළ  නායකයා 


අනගාරික  ධර්මපාලතුමා 


* වර්ෂ  1864  සැප්තැම්බර්  17  වන  දින  දොන්  ඩේවිඩ්  හේවාවිතාරණ  නමින්  උපත  ලැබීය. 

* පියා  දොන්  කරෝලිස්  හේවාවිතාරණ  වන අතර  මව  මල්ලිකා  හේවාවිතාරණ  ළමාතැනී ය. 

*කුඩා  කල  ක්‍රිස්තියානි  පාසල්   වල  අධ්‍යාපනය  ලැබීය. 

*ඩේවිඩ්  ශිෂ්‍යයා  සිංහල , පාලි, බුද්ධ ධර්මය  පිළිබඳව  අධ්‍යාපනය  හික්කඩුවේ   ශ්‍රී  සුමංගල  නාහිමියන්ගෙන්  උගත්තේය. 

*චතුර  කථිකයෙක්  වූ  හේවාවිතාරණ  තරුණයා  මිගෙට්ටුවත්තේ  ගුණානන්ද  හිමියන්  ඇසුරු  කිරීම  නිසා  තර්ක  විතර්ක  ඉදිරිපත්  කිරීමේ  හා සංවාද කිරීමේ  හැකියාව  ලැබුණි. 

අනගාරික  ධර්මපාලතුමා  විසින්  සිදු  කරන  ලද  ජාතික  හා  ආගමික  සේවා 

* පරම  වින්‍යනාර්ථ  බෞද්ධ  සමාගමට  සම්බන්ධ  වී  කටයුතු  කිරීම..

*සරසවි  සඳරැස  පුවත්පතට  සම්බන්ධ  වී  කටයුතු  කිරීම  හා  1906  සිංහල   බෞද්ධයා  පුවත්පත  ඇරඹිය. 

* බෞද්ධ පාසල්  හා  දහම්  පාසල්  ආරම්භ  කිරීම. 

පෙළ  පොත  පාඩම  හොඳින්  කියවන්න. 

ගැලපෙන  සේ  සේ  යා  කරන්න 

ධර්මපාල  තුමා  ඉපදුණේ                 1815

ඉංග්‍රීසින්  අපේ  රට යටත්                  1931
කර ගත්තේ 

ධර්මපාල තුමා පැවිදි වුයේ               1933

සිරි  දේවමිත්ත  ධර්මපාල තුමා       1864
අපවත් වුයේ 

   පිළිතුරු  ලියන්න.. 

1)ඩේවිඩ්  ශිෂ්‍යයා  සිංහල  පාලි  හා  බුද්ධ  ධර්මය  ඉගෙන  ගත්තේ  කාගෙන්ද? 

2)ඔහු වාද  විවාද  කිරීමේ  ශක්තිය  ලැබුවේ  කාගෙන්ද? 

3)පානදුරා  වාදයේ  ප්‍රතිඵලයක්  ලෙස  ලංකාවට  පැමිණියේ  කවුද? 

4)අනගාරික  ධර්මපාල  තුමා තම දේශන  වලට යොදා  ගත්  වදන් මොනවාද? 

5)ධර්මපාලතුමා  ඕල්කට්තුමා  සමග  එක් වී  ආරම්භ  කරන  ලද  බෞද්ධ  පාසල්  නම් කරන්න.. 



No comments:

Post a Comment