Wednesday, May 20, 2020

5ශ්‍රේණිය - බුද්ධ ධර්මය


5ශ්‍රේණිය - බුද්ධ ධර්මය 


පාඩම 6 - ක්‍රියාකාරකම 4 

පිළිතුරු 

  
   1.පැතුම්, විහඟ, රන්දි, ඉසාරා 

   2.ආවාස ගෙය වෙත 

   3.කොඩි, මල්මාලා, මල්, හදුන්කුරු, ගිලන්පස, පැන්කල,පිරිකර, 
      (මින් 5 ක්‌ )

   4.වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, පිළිම වහන්සේ 

   5.පිරිකර. 

ක්‍රියාකාරකම 5

දෙමාපියන් ගේ වටිනාකම් :

  *තමාට අවංකව හිතවත්කමක්  දක්වන බැවින් දෙමාපියන් කලණ මිතුරෝය.


  *ඔවුන් තුළ සතර බ්‍රහ්ම විහරණ
  (මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ඛා  බ්‍රහ්ම නාමයට සුදුසු යයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. )


  *අපගේ මුල්ම ගුරුවරුන් දෙමාපියන්වේ. එම නිසා ඔවුන් පුබ්බාචරිය ලෙස හදුන්වයි.


  *දරුවන් විසින් දෙමාපියන්ට සැලකිය යුතු ආකාරය සිගාලෝවාද  සූත්‍රයේ ද දක්වා ඇත.

  * "මමාය නීතී මාතා" මගේ, මගේ යයි  කියමින් දරුවන්ව පෝෂණය කරන්නේ අම්මා ය. 


 * "පාලේතීතී  පිතා " දරුවන්ට සැමවිටම ආරක්ෂාව සදහා පාලනයකින් කටයුතු කරන්නේ තාත්තා ය.

මවට වදින ගාථාව
    දසමාසේ උරේකත්වා
    පොසේසි වුද්දීකාරනං
    ආයුදීගං වස්සසතං
    මාතුපාදන් නමාමහං

තේරුම
    දසමසක් මා කුසින් දරාගෙන පෝෂණය, වර්ධනය සිදුකල මෑණියනි, ඔබ‍ට සියක් අවුරුදු දීර්ඝායුෂ ලැබේවා  ඔබගේ දෙපා නමදිමි. 

පියාට වදින ගාථාව
    වුද්ධිකාරෝ අලිංගිත්වා
    චුම්බිත්වා පියපුත්තකන්
    රාජමජ්ජන් සුපටිත්තන්
    පීතු පාදන් නමා මහං  


තේරුම
    වඩා ගෙන සිප වැලද, මා වැඩු පියාණෙනි, රජුන් මැද මොනවට පිහිටියා වූ ඔබගේ දෙපා නමදිමි.

පැවරුම්
     *මවට පියාට ගාථාව කියා උදේ සවස වදින්න. 


     *මව පියා ගැන කවි සාදා ලියන්න. 


     *මව පියා පිළිබද ලියවෙන කවි ගීත වලට සවන් දෙන්න. 


No comments:

Post a Comment