Thursday, May 14, 2020

5 ශ්‍රේණිය -බුද්ධ ධර්මය

     
පාඩම 6 - උපන්දිනයට බෝධි පූජා  පිංකමක් 

           

ඔබ 3 හා 4 ශ්‍රේණි වලදී උගත් උපන්දිනයදා කල පින්කම් මතකයට නගා ගන්න. 

   *පන්සල්  යාම

   *ළමා නිවාසයකට අවශ්‍ය දේවල් ලබා දීම

  *වැඩිහිටි නිවාසයකට අවශ්‍ය දේවල් ලබා දීම

   *දාන පින්කම් කිරීම

   *සෙත් පිරිත් සජ්ජායනය  කිරීම

   *සතුන් නිදහස් කිරීමේ පින්කම් කිරීම

පෙළ පොත 6 පාඩම අවබෝධයෙන් කියවන්න. 

පහත සදහන්  ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 


1)තිසරගේ යහළුවන් කව්රුන්ද?

2)බෝධි පුජාව පැවැත්වීමට පොඩි හාමුදුරුවන්ට පවරන බව කියා ලොකු හාමුදුරුවන් වැඩියේ කොහොමද?

3)බෝධි පුජා පින්කමට ගෙනා ද්‍රව්‍ය  5ක්‌ ලියන්න.

4)ත්‍රිවිධ බෝධින් නම් කරන්න.

5)අනුශාසනාව පැවැත්වූ පොඩි හාමුදුරුවන්ට තිසර පුජා කලේ මොනවාද? 

*ස්වාමින් වහන්සේට වදින ගාථාව පාඩම් කර ගන්න. 

ගාථාව :
    
 සීලවන්තං  ගුණවන්තං 
 දයාලුං  සාසනේ රතනං  
 නමාමි සංඝං සද්ධාය 
 හෝතු මේ ආසවක්ඛයා 

 (මෙම ගාථාව, ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් සහිතව භාවිතා කරනු ලැබේ. )

තේරුම : 

 සිල්වත් වූ ගුණවත් වූ, කරුණා බහුල  වූ බුදු සස්නේ ඇලුනා වූ සංඝරත්නය  මම දයාවෙන් වදිමි. (මෙමගින් )  
 මාගේ කාමාදී ආශ්‍රවයෝ ප්‍රහීණ 
 වෙත්වා. 

*පාඩමට අදාළ ක්‍රියාකාරකම කරන්න.

No comments:

Post a Comment