Thursday, May 28, 2020

5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය


   ක්‍රියාකාරකම 6


    කවියේ ඉතිරි පද සම්පුර්ණ කරන්න

    අඳුරෙන් එළියට යන මග         කියනා 
    .............................................................. 
    ඇල්මෙන් කැල්මෙන් ඔවදන්  බෙදනා 
    .............................................................. 

 ඉහත ගුරු වන්දනා කවිය පළමු ශ්‍රේණියේදී උගත් බව මතකද? ඉන් කියවෙන පරිදි ඔබේ අනාගතය  සාර්ථක කරන්නට ගුණ නැණ දෙකෙන් යුතු පූර්ණ පුද්ගලයෙකු කිරීමට කටයුතු කරන්නෙත්,ඔබ  හැමඅතින්ම හැදුනු වැඩුන අය බවට පත් කරන්නෙත් ගුරුවරුන්ය.

බුදුන් වහන්සේ ද ගුරුවරුන්ට  කළගුණ සැලකූ ආකාරය පහත දැක්වේ. 

*බුද්ධත්වයෙන් පසු තමා අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට තම ගුරුවරුන් පිළිබද සොයා බලන විට ඔවුන් ජීවතුන් අතර නැති බව දිවැසින් දුටු  බුදුන්වහන්සේ තමාට ඇප උපස්ථාන කළ පස්වග තව්සන්ට පළමුව ධර්මය දේශනා  කළ සේක. 
  • ඔබත්  ඔබ‍ට ඉගැන්වූ ගුරුවරුන් අමතක නොකරන්න. 
  •  කළගුණ සලකන්න. 
  •  ගරු කරන්න. 
                           ඒ සඳහා පහත ගුරු  වන්දනා ගාථාව හා එහි තේරුම කටපාඩම් කර ගෙන ගුරුවරුන්ට  වන්දනා කරන්න. 

    ගුරු වන්දනා ගාථාව 

  
         ඕවාද සිප්ප දානේන 
         සික්ඛාපේති මමං ගරු 
         සගාරවේන චිත්තේන 
         අහං වන්දාමි තං ගරුං 

    තේරුම 

         ඔවා සිප් දීමෙන 
         මා හික්මවන පේමෙන 
         ඇදුරු හද බැතියෙන 
         වඳිමු ගරු සිත පෙරටු කරගෙන 
  
     පැවරුම් 

    1)බුදුන් වහන්සේගේ ගුරුවරුන් 3 න් දෙනෙක් නම් කරන්න. 

    2)පස්වග තාපසවරු නම් කරන්න. 

    3)පළමු දහම්දෙසුම හඳුන්වන නම ලියන්න. ‍‍

    4)පහත මාතෘකාව යටතේ වැකි 5ක්‌ ලියන්න.

  • ගුරුවරු අපේ දෙවිවරුය.